නව ජානපදිකයින්ගේ ධර්ම චාරිකාව.............
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය මහවැලි සතිය - 2017 ආගමික දිනයට සමගාමීව දහම්වැව නව ජනපදයේ ධර්ම කටයුතු සදහා නව පන්සලක් 2017.10.05 දින මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (සංවර්ධන), බිසෝපුර කොට්ඨාශ කළමනාකාර කාර්යාලය, දහම්වැව ඒකකයේ නව ජානපදිකයින් හා බිසෝපුර ජානපදිකයින් ඇතුළු සියළු දෙනා එක්ව මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙහි දී මහවැලි මොරගහකන්ද ව්‍යාපෘතියේ හා මැදිරිගිරිය ඩී කලාපයේ සංවර්ධන කාර්යයන් සඳහා තමන්ට හිමි ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන්ට ලබා දුන් නව සංවර්ධන කලාපයේ භූමි ප්‍රදේශයේ ඔවුන්ට අහිමිව ගිය ආගමික පූජා භූමිය නැවත ස්ථාපනය කර ආගමානුකූල ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දීම හා ඔවුන්ගේ ජීවිත දැහැමි ලෙස ගත කර සමාජයට අවශ්‍යම පුද්ගලයන් බවට පත් කිරීම අරමුණු කර ගන්නා ලදී.
එහි දී බෝධීන් වහන්සේ ප්‍රධානය කරමින් මෙහෙනින් වහන්සේලා දායක වූ අතර සමගිපුර ශාන්ති විහාරයේ විහාරාමාධිපති ස්වාමීන් වහන්සේ හා එම ගම්වැසියන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ දැකුම්කළු පෙරහැරකින් බෝධීන් වහන්සේ දහම්වැව නව පන්සල කරා වැඩමවන ලදී.
මේ සඳහා නේවාසික ව්‍යාපාර කළමනාකාරගේ මගපෙන්විම මත නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (සංවර්ධන) හා බිසෝපුර කොට්ඨාශ කළමනාකාර මහඟු දායකත්වයක් දැක් වු අතර ඔවුන්ගේ කාර්ය මණ්ඩලය අපමණ වෙහෙසක් දරා තිබුණි. දහම්වැව නව ජානපදිකයින්ගේ සුභසාධක සමිතිය සියළු කටයුතු මනාව සංවිධානය කර තිබුණි.
මෙම කර්තව්‍ය නව ගමනක ඇරඹුමක් ලෙස ගෙන හැර දැක්විය හැක්කේ ලාංකීය ශිෂ්ඨාචාරය තුල පන්සල පාදක කරගත් කාර්යයන් ගණනාවක් ඉතා සාර්ථක අන්දමින් පැවත එන බැවිිනි.
ආර්.එම්.ඩී.ආර්.රත්නායක
තොරතුරු සන්නිවේදක
මහවැලි වියමන
No comments:
Post a Comment