Tuesday, October 24, 2017

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ සංවර්ධන කටයුතු පුඵල් කල වගයි....

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ සංවර්ධන කටයුතු පුඵල් කල වගයි.

           ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ සංවර්ධන කටයුතු මෙතෙක් අඩුවෙන් සංවර්ධනය වු ප්‍රදේශයක් වු මීගස්වැව ප්‍රදේශය දක්වා පුඵල් කර ඇත.
       මෙමගින් වඩිගවැව, මීගස්වැව, සෙනරත්පුර, මහඅඹගස්වැව, ජයගම්පුර, කුමුදුපුර, දම්සෝපුර, මහතළාකොලවැව, අඵත්වැව, පල්ලියගොඩැල්ල හා අක්බාර්පුර යන ග්‍රාමසේවා වසම් 11ක් මොරගහක්න්ද කඵගග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරිමට අපේක්ෂිතය. මෙම ප්‍රදේශය ආවර්ණය වන පරිදි සඛ්‍යතා අධ්‍යනයක් සිදු කිරිමට CECB ආයතනය වෙත මුදල් ප්‍රතිපාදන ලබා දී ඇති අතර, එම සක්‍යතා අධ්‍යනය මේ වන විට සිදු කරමින් පවතී.
              මහවැලි ඩී කලාපයට අනුයුක්තව මීගස්වැව ප්‍රදේශයේ මහවැලි සම්බන්ධීකරණ කාර්යාලයක් මේ වන විටත් ආරම්භ කර ඇත. සක්‍යතා අධ්‍යන වාර්තාව ලද විගස, මෙම ග්‍රාම නිළධාරි වසම් 11 ද විශේෂ මහවැලි බල ප්‍රදේශයක් ලෙස නම් කර පරිසර අධ්‍යයන වාර්තාව සිදු කිරිමට නියමිතය.
                 මෙම ප්‍රදේශයේ ජනතාව ඔහුනටම ආවේනිකව නිර්මාණය කර ගත් වාරි පද්ධතියක් මගින් වසරේ එක් කන්නයක් පමණක්  වගා කර යල කන්නයේ වියලී යන වැව් අමුණු හා වගා බිම් දැක  සුසුම් හෙලමින් සිටි.
  ප්‍රදේශයේ වපසරිය අක්කර 24477 ක් වන අතර ජන ගහනය 16541කි. පවුල් වශයෙන් ගත් කල පවුල් 4438කි. ගොවිසංවිධාන 28කි. ප්‍රදේශයේ පවත්නා කුඩා ප්‍රමාණ වැව් 35කි. 

                මෙම වැව් පෝෂනය කිරිම සදහා ක්‍රමවත් වාරි පද්ධතියක් හා ඇල පද්ධතියක් නොමැත. වගා බිම් බෙදි යාමේ දැඩි විෂමතාවයක් පවති. මෙම සියල්ල ක්‍රමවත් කල යුතුය.

                මෙහි ජනතාව කෘෂි කර්මාන්තයට මෙන්ම සත්ත්ව පාලනයටද දක්වන්නේ දැඩි ඇල්මකි. නිදැල්ලේ හැර දමා ඇති ගවයන්ගෙන් තම වගාබම් බේරා ගැනීමට ගොවීන් දැඩි වෙහෙසක් දරයි. ක්‍රමවත් තෘණ බිම් ඇති කරමින් සත්ව පාලනය මෙම ප්‍රදේශය තුල ක්‍රමවත් කල යුතුය.
             
 ප්‍රදේශය පුරා දක්නට ඇබෙන තවත් ප්‍රධාන ගැටඵවක් වන්නේ වන අලින්ගෙන් ජන ජිවිත වලට හා වගා බිම් වලට සිදුවන හානියයි. මෙම හානිය අවම කර ගැනීම සදහා පඵවද්දන සිට වඩිගවැව දක්වා කි.මී 36ක් ආවර්ණය වන සේ විදුලි වැටක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. මොරගහකන්ද, කඵගග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාදන මත මහවැලි ඩී කලාපය මගින් ඉදි කර ඇත.
     
   මෙම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති සම්බන්ධිකරණ කාර්යාලය මගින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු හා ප්‍රජා සංවර්ධන කටයුතු සිදුකරමින් පවතින අතර මූලීක දත්ත රැස් කිරිමේ කටයුතුද සිදු කරමින් පවති.






කරුණු මෙසේ හෙයින් මෙම සක්‍යතා අධ්‍යනයේ වාර්තා ලද පසුව මහවැලි බල ප්‍රදේශයක් ලෙස ගසට් විමෙන් අනතුරුව තම ගොවි බිම් හා ජන ජිවිත සස්ශ්‍රීක වන දිනය ලගා වනතුරු ප්‍රදේශයේ ගොවි ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටි.

    එමෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය කලාපයේ  නේවාසික ව්‍යාපාර කළමනාකාර ප්‍රසන්න ජයතිලක මහතා කලාපයේ සංවර්ධන කටයුතු ප්‍ුඵල් කිරිම හා වෙිගවත් කිරිම සදහා ඉතා කැපවීමෙන් හා ඕනැකමින් තම කාර්යය ඉටුකරන බව වැඩිදුරටත් ප්‍රකාශ කරමි.



ලිපිය-     බී. වයි. සරත් ගුණානන්ද - ඉඩම් නිළධාරි
              සම්බන්ධීකරන කාර්යාලය මීගස්වැව

ඩබ්.ජී ලලිත් අරුණශාන්ත
තොරතුරු සංනිවේදක
මහවැලි වියමන

No comments:

Post a Comment