මහවැලි තුරු ඉතුරුම් වැඩසටහන 2016 - 2020
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පරිසර හා වන සංරක්ෂණ අංශය මගින් මහවැලි ගගෙහි
හා මහවැලි ජලාශවල ජලය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව තිරසාරව පවත්වාගෙන යාම
සදහා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂනය හා එම ප්‍රදේශයන්හි වන වැස්ම වැඩි කිරිම සදහා විවිධ ජලධාරක සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ යටතේ වන වගා වැඩසටහන්, පාංශු සංරක්ෂණ වැඩසටහන්, අපද්‍රව්‍ය කළමනාකරනය හා පාරිසරික දැනුවත් කිරිම් ද ක්‍රියත්මක කරනු ලැබේ.
ඉහත පාරිසරික වැඩසටහන් යටතේ පාසැල් සිසුන් ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය කලාපයේ පරිසර අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන නවතම වැඩසටහන වන්නේ මහවැලි තුරු ඉතුරුම් වැඩසටහනයි. මෙය 2016 වර්ෂයේ නියමු වැඩසටහනක් වශයෙන් මැදිරිගිරිය කලාපයේද ආරම්භ කරන ලදි, මේසදහා අඹගස්වැව මහා විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායමේ ළමුන් 63ක් සහභාගිවී සිටියි.

වගා කිරිමට සුදුසු පිරිවිතරයන්ට අදාලව නිෂ්පාදනය කරන පැලයක් සදහා රු 30ක මුදක් ගෙවන අතර එක් සිසුවෙක් වර්ෂයකට පැල 100ක් නිෂ්පාදනය කලයුතුය . එසේ නිෂ්පාදනය කරනු ලබන පැල වෙනුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් එක් සිසුවෙකුට රු 3000 මුදලක් සිසුන්ගේ නමින් ලංකා බැංකුවේ මහවැලි තුරු ඉතුරුම් නමින් ළමා ගිණුමක් ආරම්භ කර එහි තම්පත් කිරිම සිදුකරයි. මෙම වැඩසටහනෙන් වර්ෂයකට පැල 6300ක් නිෂ්පාදනය වන අතර මේ සදහා අප ආයතනය රු 250000 කට ආයන්න මුදලක් වැය කෙරේ.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ
- පරිසරයට ඇලුම්කරන හා සංවේදී ළමුන් පිරිසක් බිහිකිරිම
- ඉතිරි කිරිම සදහා පාසල් ළමුන් පෙළඹවීම
- වටිනා පැල වර්ග පිළිබද ළමුන්ට අවබෝධයක් ලබා දීම
- ළමුන්ගේ විවේක කාලය යහපත් කටයුත්තක් සදහා යෙදවීම
- නිශ්චිත කාලපරාසයක් තුල අදාල නිෂ්පාදිත පැල ලබාදිය යුතු බැවින් ළමුන් වගකීම් දැරිමේ හා කලට වේලාවට වැඩකිරිමේ හැකියාව වර්ධනය කර ගැනීම.
- අප ආයතනයට අවශ්‍ය වාර්ෂික පැල එකවර එකම ස්ථානයකින් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව
මෙම වැඩසටහන 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා සාර්ථකව පවත්වාගෙන යාම සදහා කටයුතු සම්පාදනය කරමින් සිටින අතර වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා අඹගස්වැව මහ විද්‍යාලයේ විදුහල්පති ධම්මික මහත්මා පරිසර නියමුභට කණ්ඩායමේ ළමුන් භාරව සිටින සුනන්ද ලංකා ගුරුතුමා, චන්දිමා ගුරුතුමිය, ලක්මාලි ගුරුතුමිය යන අය තම රාජකාරි කටයුතු වලට අමතරව විශාල කැපකිරිමක් හා සහයෝගයක් අප ආයතනය මගින් ක්‍රීයාත්මක මෙම වැඩසටහන වෙත ලබාදේ, එය අප අගයකොට සළකමු.

තොරතුරු සංනිවේදක
මහවැලි වියමන
No comments:
Post a Comment