ජනසවි අමුණ ජනසතු කළ වගයි.......
ශ්‍රී ලංකා මහවැලි
අධිකාරි පනතට අනුව 1978 විශේෂ ගැසට් නිවේදනය මඟින් ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ
කන්තලේ සූරියපුර කොට්ඨාශය මහවැලි අධිකාරියට පවරා ගෙන සත්ව ගොවිපලක් ලෙස පවත්වාගෙන යන ලදි.
පසු කාලයකදී ත්‍රස්ත
ක්‍රියා හේතු කොටගෙන තාවකාලිකව මහවැලි අධිකාරිය මෙම ප්‍රදේශයෙන් බැහැරවිය. ත්‍රස්ත ක්‍රියා වර්ෂ 2007දී අඩුවීමත් සමඟ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නැවත
එම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගොවිපල කටයුතු අල්ල කන්තලේ ගොවිපල නමින්
ආරම්භ කරන ලදි. ඉන්පසු මෙම ප්‍රදේශයට ත්‍රස්ත ක්‍රියා වලට පෙර පදිංචි පිරිස්
නැවත පදිංචිය සඳහා පැමිණීම හා සිටින ජනාවාසීන් අවිධිමත් ලෙස ඉඩම් භුක්ති විදීම,
වෙනත් අවිධිමත් ඉඩම් කටයුතු නිසා සූරියපුර කොට්ඨාශයට විධිමත් ජනාවාසකරණයක අවශ්‍යතාවය
මතුවිය.මෙම කරුණු හේතු කර ගනිමින් මහවැලි නිලධාරීන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ
සූරියපුර කොට්ඨාශයේ 2012.12.20 වැනි දින
කොට්ඨාශ කළමනාකාර කාර්යාලයක් ස්ථාපිත කරන ලදි.

හර්ෂණී මධුවන්ති
තොරතුරු සන්නිවේදක
මහවැලි වියමන
මහවැලි වියමන
No comments:
Post a Comment