Tuesday, October 24, 2017

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ සංවර්ධන කටයුතු පුඵල් කල වගයි....

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ සංවර්ධන කටයුතු පුඵල් කල වගයි.

           ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ සංවර්ධන කටයුතු මෙතෙක් අඩුවෙන් සංවර්ධනය වු ප්‍රදේශයක් වු මීගස්වැව ප්‍රදේශය දක්වා පුඵල් කර ඇත.
       මෙමගින් වඩිගවැව, මීගස්වැව, සෙනරත්පුර, මහඅඹගස්වැව, ජයගම්පුර, කුමුදුපුර, දම්සෝපුර, මහතළාකොලවැව, අඵත්වැව, පල්ලියගොඩැල්ල හා අක්බාර්පුර යන ග්‍රාමසේවා වසම් 11ක් මොරගහක්න්ද කඵගග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරිමට අපේක්ෂිතය. මෙම ප්‍රදේශය ආවර්ණය වන පරිදි සඛ්‍යතා අධ්‍යනයක් සිදු කිරිමට CECB ආයතනය වෙත මුදල් ප්‍රතිපාදන ලබා දී ඇති අතර, එම සක්‍යතා අධ්‍යනය මේ වන විට සිදු කරමින් පවතී.
              මහවැලි ඩී කලාපයට අනුයුක්තව මීගස්වැව ප්‍රදේශයේ මහවැලි සම්බන්ධීකරණ කාර්යාලයක් මේ වන විටත් ආරම්භ කර ඇත. සක්‍යතා අධ්‍යන වාර්තාව ලද විගස, මෙම ග්‍රාම නිළධාරි වසම් 11 ද විශේෂ මහවැලි බල ප්‍රදේශයක් ලෙස නම් කර පරිසර අධ්‍යයන වාර්තාව සිදු කිරිමට නියමිතය.
                 මෙම ප්‍රදේශයේ ජනතාව ඔහුනටම ආවේනිකව නිර්මාණය කර ගත් වාරි පද්ධතියක් මගින් වසරේ එක් කන්නයක් පමණක්  වගා කර යල කන්නයේ වියලී යන වැව් අමුණු හා වගා බිම් දැක  සුසුම් හෙලමින් සිටි.
  ප්‍රදේශයේ වපසරිය අක්කර 24477 ක් වන අතර ජන ගහනය 16541කි. පවුල් වශයෙන් ගත් කල පවුල් 4438කි. ගොවිසංවිධාන 28කි. ප්‍රදේශයේ පවත්නා කුඩා ප්‍රමාණ වැව් 35කි. 

                මෙම වැව් පෝෂනය කිරිම සදහා ක්‍රමවත් වාරි පද්ධතියක් හා ඇල පද්ධතියක් නොමැත. වගා බිම් බෙදි යාමේ දැඩි විෂමතාවයක් පවති. මෙම සියල්ල ක්‍රමවත් කල යුතුය.

                මෙහි ජනතාව කෘෂි කර්මාන්තයට මෙන්ම සත්ත්ව පාලනයටද දක්වන්නේ දැඩි ඇල්මකි. නිදැල්ලේ හැර දමා ඇති ගවයන්ගෙන් තම වගාබම් බේරා ගැනීමට ගොවීන් දැඩි වෙහෙසක් දරයි. ක්‍රමවත් තෘණ බිම් ඇති කරමින් සත්ව පාලනය මෙම ප්‍රදේශය තුල ක්‍රමවත් කල යුතුය.
             
 ප්‍රදේශය පුරා දක්නට ඇබෙන තවත් ප්‍රධාන ගැටඵවක් වන්නේ වන අලින්ගෙන් ජන ජිවිත වලට හා වගා බිම් වලට සිදුවන හානියයි. මෙම හානිය අවම කර ගැනීම සදහා පඵවද්දන සිට වඩිගවැව දක්වා කි.මී 36ක් ආවර්ණය වන සේ විදුලි වැටක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. මොරගහකන්ද, කඵගග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාදන මත මහවැලි ඩී කලාපය මගින් ඉදි කර ඇත.
     
   මෙම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති සම්බන්ධිකරණ කාර්යාලය මගින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු හා ප්‍රජා සංවර්ධන කටයුතු සිදුකරමින් පවතින අතර මූලීක දත්ත රැස් කිරිමේ කටයුතුද සිදු කරමින් පවති.






කරුණු මෙසේ හෙයින් මෙම සක්‍යතා අධ්‍යනයේ වාර්තා ලද පසුව මහවැලි බල ප්‍රදේශයක් ලෙස ගසට් විමෙන් අනතුරුව තම ගොවි බිම් හා ජන ජිවිත සස්ශ්‍රීක වන දිනය ලගා වනතුරු ප්‍රදේශයේ ගොවි ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටි.

    එමෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය කලාපයේ  නේවාසික ව්‍යාපාර කළමනාකාර ප්‍රසන්න ජයතිලක මහතා කලාපයේ සංවර්ධන කටයුතු ප්‍ුඵල් කිරිම හා වෙිගවත් කිරිම සදහා ඉතා කැපවීමෙන් හා ඕනැකමින් තම කාර්යය ඉටුකරන බව වැඩිදුරටත් ප්‍රකාශ කරමි.



ලිපිය-     බී. වයි. සරත් ගුණානන්ද - ඉඩම් නිළධාරි
              සම්බන්ධීකරන කාර්යාලය මීගස්වැව

ඩබ්.ජී ලලිත් අරුණශාන්ත
තොරතුරු සංනිවේදක
මහවැලි වියමන

Thursday, October 19, 2017


නව ජානපදිකයින්ගේ ධර්ම චාරිකාව.............

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය මහවැලි සතිය - 2017 ආගමික දිනයට සමගාමීව දහම්වැව නව ජනපදයේ ධර්ම කටයුතු සදහා නව පන්සලක් 2017.10.05 දින මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (සංවර්ධන), බිසෝපුර කොට්ඨාශ කළමනාකාර කාර්යාලය, දහම්වැව ඒකකයේ නව ජානපදිකයින් හා බිසෝපුර ජානපදිකයින් ඇතුළු සියළු දෙනා එක්ව මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලදී. 

මෙහි දී මහවැලි මොරගහකන්ද ව්‍යාපෘතියේ හා මැදිරිගිරිය ඩී කලාපයේ සංවර්ධන කාර්යයන් සඳහා  තමන්ට හිමි ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන්ට ලබා දුන් නව සංවර්ධන කලාපයේ භූමි ප්‍රදේශයේ ඔවුන්ට අහිමිව ගිය ආගමික පූජා භූමිය නැවත ස්ථාපනය කර ආගමානුකූල ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දීම හා ඔවුන්ගේ ජීවිත දැහැමි ලෙස ගත කර සමාජයට අවශ්‍යම පුද්ගලයන් බවට පත් කිරීම අරමුණු කර ගන්නා ලදී. 

එහි දී බෝධීන් වහන්සේ ප්‍රධානය කරමින් මෙහෙනින් වහන්සේලා දායක වූ අතර සමගිපුර ශාන්ති විහාරයේ විහාරාමාධිපති ස්වාමීන් වහන්සේ හා එම ගම්වැසියන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ දැකුම්කළු පෙරහැරකින් බෝධීන් වහන්සේ දහම්වැව නව පන්සල කරා වැඩමවන ලදී. 

මේ සඳහා නේවාසික ව්‍යාපාර කළමනාකාරගේ මගපෙන්විම මත  නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (සංවර්ධන) හා බිසෝපුර කොට්ඨාශ කළමනාකාර මහඟු දායකත්වයක් දැක් වු අතර ඔවුන්ගේ කාර්ය මණ්ඩලය අපමණ වෙහෙසක් දරා තිබුණි. දහම්වැව නව ජානපදිකයින්ගේ සුභසාධක සමිතිය සියළු කටයුතු මනාව සංවිධානය කර තිබුණි.

මෙම කර්තව්‍ය නව ගමනක ඇරඹුමක් ලෙස ගෙන හැර දැක්විය හැක්කේ ලාංකීය ශිෂ්ඨාචාරය තුල පන්සල පාදක කරගත් කාර්යයන් ගණනාවක් ඉතා සාර්ථක අන්දමින් පැවත එන බැවිිනි.  



ආර්.එම්.ඩී.ආර්.රත්නායක
තොරතුරු සන්නිවේදක 
මහවැලි වියමන





Monday, October 16, 2017




මහවැලි ප්‍රජා සත්කාර ජනතාව අතරට....

ඔබ දන්නවාද ? 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛණ වලට අනුව ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් වකුගඩු රෝගය බහුල ප්‍රදේශයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය නම් කර ඇති වග. 

එයිනුත්  මීගස්වැව සහ පතොක්වැව යන ප්‍රදේශ ප්‍රධාන ස්ථානයක් ගනී. මේ සියඵ ප්‍රදේශ ඉතා දිළිදු ගොවින්ගෙන් සමන්විතය.

මේ තත්වය හේතුවෙන්...........


 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මැදිරිගිරිය,ඩීකලාපය ඔවුන්ට  රෝගය කල් ඇතිව හඳුනා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු කිරීමත්, ප්‍රධාන අරමුණ කර ගනිමින් මැදිරිගිරිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ ද සහය ඇතිව දැනුවත් කිරී‍මේ සහ සායන මාලාවක් සාර්ථකව අවසන් කරන ලදි. මෙම ප්‍රජා සත්කාරය අප කලාපයේ ආයතන සංවර්ධන අංශයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාර (සංවර්ධන) ගේ මැදිහත් විම මත සිදුවු අතර මේ සදහා විශාල පිරිසක්  ද සහභාගි විය.


ආර්.එම්.ඩී.ආර්.රත්නායක
තොරතුරු සන්නිවේදක
මහවැලි වියමන

Friday, October 13, 2017


ජනසවි අමුණ ජනසතු කළ වගයි.......


ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතට අනුව 1978 විශේෂ ගැසට් නිවේදනය මඟින් ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ සූරියපුර කොට්ඨාශය මහවැලි අධිකාරියට පවරා ගෙන සත්ව ගොවිපලක් ලෙස පවත්වාගෙන යන ලදි. 
පසු කාලයකදී ත්‍රස්ත ක්‍රියා හේතු කොටගෙන තාවකාලිකව මහවැලි අධිකාරිය මෙම ප්‍රදේශයෙන් බැහැරවිය. ත්‍රස්ත ක්‍රියා  වර්ෂ 2007දී අඩුවීමත් සමඟ   ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නැවත එම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගොවිපල කටයුතු අල්ල කන්තලේ ගොවිපල නමින් ආරම්භ කරන ලදි. ඉන්පසු මෙම ප්‍රදේශයට ත්‍රස්ත ක්‍රියා වලට පෙර පදිංචි පිරිස් නැවත පදිංචිය සඳහා පැමිණීම හා සිටින ජනාවාසීන් අවිධිමත් ලෙස ඉඩම් භුක්ති විදීම, වෙනත් අවිධිමත් ඉඩම් කටයුතු නිසා සූරියපුර කොට්ඨාශයට විධිමත් ජනාවාසකරණයක අවශ්‍යතාවය මතුවිය.මෙම කරුණු හේතු කර ගනිමින් මහවැලි නිලධාරීන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ සූරියපුර කොට්ඨාශයේ 2012.12.20  වැනි දින කොට්ඨාශ කළමනාකාර කාර්යාලයක් ස්ථාපිත කරන ලදි.
එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික ප්‍රතිපාදන මත විශාල මුදල් ප්‍රමාණයක්  මෙම ප්‍රදේශයේ සංවර්ධනය සඳහා යොදවා ඇති අතර, එහි එක් ප්‍රතිඵලයක් ලෙස සහ,  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  දැක්ම වන තිරසාර කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය, පරිසර සංරක්ෂණය සහ මහවැලි බල ප්‍රදේශ වල පදිංචි පුරවැසියන්ගේ ජීවන තත්වය ඉහළ නංවනු වස් භූමිය සහ ජලය ප්‍රශස්ත අයුරින් භාවිත කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ආයතනය බවට පත්කරලීම යන්න සාක්ෂාත් කරලමින්  2017 ඔක්තෝබර් මස 12 වෙනි දින මිලියන 3.5ක වියදමින්  ජනරංජන වැවෙහි ජල මුලාශ්‍රයන් පදනම් කරගනිමින් සූරියපුර කොට්සඨාශ කළමණාකාරතුමාගේ අධීක්ෂණයෙන් , සූරියපුර ගොවි නියෝජිතයින් ගේ සහභාගීත්වයෙන් සහ නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමාගේ මූලිකත්වයෙන්   ජනසවි අමුණ ලෙසින් ජනතා  අයිතියට පත්කරන ලදි.





හර්ෂණී මධුවන්ති
තොරතුරු සන්නිවේදක
මහවැලි වියමන

Saturday, October 7, 2017

මහවැලි තුරු ඉතුරුම් වැඩසටහන   2016 - 2020

       ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පරිසර හා වන සංරක්ෂණ අංශය මගින් මහවැලි ගගෙහි හා මහවැලි ජලාශවල ජලය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව තිරසාරව පවත්වාගෙන යාම සදහා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂනය හා එම ප්‍රදේශයන්හි වන වැස්ම වැඩි කිරිම සදහා විවිධ ජලධාරක සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ යටතේ වන වගා වැඩසටහන්, පාංශු සංරක්ෂණ වැඩසටහන්, අපද්‍රව්‍ය කළමනාකරනය හා පාරිසරික දැනුවත් කිරිම් ද ක්‍රියත්මක කරනු ලැබේ.

ඉහත පාරිසරික වැඩසටහන් යටතේ පාසැල් සිසුන් ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය කලාපයේ පරිසර අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන නවතම වැඩසටහන වන්නේ මහවැලි තුරු ඉතුරුම් වැඩසටහනයි. මෙය  2016 වර්ෂයේ නියමු වැඩසටහනක් වශයෙන් මැදිරිගිරිය කලාපයේද ආරම්භ කරන ලදි, මේසදහා අඹගස්වැව මහා විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායමේ ළමුන් 63ක් සහභාගිවී සිටියි.
        

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් වාර්ෂිකව සිදුකරනු ලබන වනවගා වැඩසටහන් වලදී මෙන්ම සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කරන දැව සදහා අලුතින් රෝපණය කිරිමට අවශ්‍ය විවිධ පැල නිෂ්පාදනය කිරිමට මෙම වැඩසටහන යටතේ පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනීම මේ වනවිට සිදුකරමින් සිටි.

වගා කිරිමට සුදුසු පිරිවිතරයන්ට අදාලව නිෂ්පාදනය කරන පැලයක් සදහා රු 30ක මුදක් ගෙවන අතර එක් සිසුවෙක් වර්ෂයකට පැල 100ක් නිෂ්පාදනය කලයුතුය . එසේ නිෂ්පාදනය කරනු ලබන පැල වෙනුවෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් එක් සිසුවෙකුට රු 3000 මුදලක් සිසුන්ගේ නමින් ලංකා බැංකුවේ මහවැලි තුරු ඉතුරුම් නමින් ළමා ගිණුමක් ආරම්භ කර එහි  තම්පත් කිරිම සිදුකරයි. මෙම වැඩසටහනෙන් වර්ෂයකට පැල 6300ක් නිෂ්පාදනය වන අතර මේ සදහා අප ආයතනය රු 250000 කට ආයන්න මුදලක් වැය කෙරේ.

2016 වර්ෂයේ මෙම වැඩසටහන සාර්ථකව සිදුකල අතර 2017 වර්ෂය සදහා ළමුන් මේ වනවිට අදාල ප්‍රමිතියට අනුකූලව පැල නිෂ්පාදනය සිදුකරමින් සිටි මෙවරද ළමුන් 63ක් සහභාගිවි සිටියි.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ 
  • පරිසරයට ඇලුම්කරන හා සංවේදී ළමුන් පිරිසක් බිහිකිරිම
  • ඉතිරි කිරිම සදහා පාසල් ළමුන් පෙළඹවීම
  • වටිනා පැල වර්ග පිළිබද ළමුන්ට අවබෝධයක් ලබා දීම
  • ළමුන්ගේ විවේක කාලය යහපත් කටයුත්තක් සදහා යෙදවීම
  • නිශ්චිත කාලපරාසයක් තුල අදාල නිෂ්පාදිත පැල ලබාදිය යුතු බැවින් ළමුන් වගකීම් දැරිමේ හා කලට වේලාවට වැඩකිරිමේ හැකියාව වර්ධනය කර ගැනීම.
  •  අප ආයතනයට  අවශ්‍ය වාර්ෂික පැල එකවර එකම ස්ථානයකින් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව
          මෙම වැඩසටහන 2016 වර්ෂයේ  සිට 2020 වර්ෂය දක්වා  සාර්ථකව පවත්වාගෙන යාම සදහා කටයුතු සම්පාදනය කරමින් සිටින අතර වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා  අඹගස්වැව මහ විද්‍යාලයේ විදුහල්පති ධම්මික මහත්මා පරිසර නියමුභට කණ්ඩායමේ ළමුන් භාරව සිටින සුනන්ද ලංකා ගුරුතුමා, චන්දිමා ගුරුතුමිය, ලක්මාලි ගුරුතුමිය යන අය තම රාජකාරි කටයුතු වලට අමතරව විශාල කැපකිරිමක් හා සහයෝගයක් අප ආයතනය මගින් ක්‍රීයාත්මක මෙම වැඩසටහන  වෙත ලබාදේ, එය අප අගයකොට සළකමු.


 
ඩබ්.ජි ලලිත් අරුණශාන්ත
තොරතුරු සංනිවේදක 
මහවැලි වියමන