ගෙවතු වල කොම්පෝස්ට් නිෂ්පාදනය
ශ්‍රි ලංකාවේ කාලීන අවශ්‍යතාවයක් ලෙස දැනට සිදුකල යුතු ඉතා වටිනා කාර්යක් ලෙස ගෙවතු තුල කොම්පෝස්ට් සැදිම හැදින්විම හැක. මෙම කරුණු සැලකිල්ලට ගත් ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය ගෙවතු තුල කොම්පෝසට් සැදිම පිළිබද ගොවින් දැනුවත් කිරිමේ වැඩසටහනක් 2017 වර්ෂයේද ආරම්භකරන ලදි. ඒ අනුව කහඹිලියාව ප්‍රදේශයේ සිදුකරන ලද සාර්ථක කොම්පෝස්ට් සැදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
එහිදි ගොවින් 40දෙනෙකු පමණ සහභාගි වු අතර ඔවුන්ගේ අදහස වුයේද මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදුකරන්නේ මහවැලි අධිකාරියෙන් බවයි. කොම්පෝස්ට් සැදිම හා භාවිතයට ගැනිම තුලින් වසවිස නොමැති ආහාර පරිභෝජනය කිරිමේ හැකියාව ලැබේ. දැනට වසංගතයක් ලෙස රටපුරා ව්‍යාප්ත වන වකුගඩු රෝගය ව්‍යාප්ත විමේ නිෂ්චිත කරුණ සොයා ගෙන නැතත්, රසායනික පොහොර අධික ලෙස භාවිතය නිසා වැළදීමේ හැකියාවක් ඇතිබව විද්වත් මතයයි. මේ සදහා පිළියමක් ලෙස කාබනික පොහොර භාවිතය දිරිගැන්විම ඉතා කාලෝචිත බව අපගේ හැගිමයි.
ලලිත් අරුණ ශාන්ත
තොරතුරු සංනිවේදක
මහවැලි වියමන
මැදිරිගිරිය.
No comments:
Post a Comment