Sunday, August 27, 2017

තරිදු ගුණසිංහ
තොරතුරු සන්නිවේදක
මහවැලි වියමන

Thursday, August 17, 2017



 කිරි ගව පෝෂණයට සයිලේජ් ලබා දීම තුලින් කලාපයේ කිරි නිෂ්පාදනය වැඩි කරලීම සහ ගොවි ආදායම ඉහළ නැන්වීම................

2017 ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, මැදිිරිගිරිය නේවාසික ව්‍යාපාර කළමණාකාර කාර්යාලයේ  ධීවර හා පශු සම්පත් සංවර්ධන අංශයේ ක්‍රියාත්මක සැලැස්මට අනුව කිරිගව පාලනය තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණින් 2017.08.16 දින අංක 100, බිසෝබණ්ඩාරගම ග්‍රාම සේවා වසමේ ස්වයංපාලිත කිරි සමිතියේ ගොවි මහතුන් 25කට පමණ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත්වීය. 
ගෙවතු තෘණ වගා ආදර්ශණ
තණකොළ කපන යන්ත්‍ර ලබාදීම


තණකොළ කැබලි කිරීම














මහවැලි අධිකාරියේ ධීවර සහ පශු සම්පත් සංවර්ධන නිලධාරි ඩී.එම්.ඒ.බී.දිසානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය මත සත්ව සංවර්ධන උපදේශක එම්.එම්.පී.එස්.කේ.හේරත් මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.



මෙහිදී ගොවීන් හට පොලිතීන් උර භාවිතා කර සයිලේජ සාදන ක්‍රමය පිළිබඳවත් එය කල්තබා ගෙන වැසි නියං කාල වලදී භාවිතයට ගැනීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරයත් ගොවි මහතා ගේ ශ්‍රමය, කාලය ඉතිරි කරගන්නා ආකාරය, ගවයාගේ පෝෂණයට සයිලේජ මඟින් ඇති කරන ළුලදායිතාව පිළීබඳවත් දැනුවත් කෙරුණි. මෙයට සමගාමීව මහවැලි තුලින් සිදුකරනු ලබන සියලේජ සෑදිමට 50% ගොවි දායකත්වය මත බැරල් ලබා දීම හා තණකොළ කැපලි කරන (Chopping Machine) යන්ත්‍ර ලබා දීම තුලින් මෙම කාර්යය මල්ඵල ගැන්වීමට දරණ උත්සහය අගය කොට සැලකිය යුතුය.


ගවයින් සයිලේජ් ආහාරයට ගැනීම
ගොවි මහතුන් වෙත උපදේශණය ලබා දීම
සයිලේජ් බැරල් ලබාදීම
  
                                             

(තොරතුරු සැපයීම පශු සම්පත් සංවර්ධන සහකාර කෙ.ජි.ජේ.කේ.කුමාර මහතා සහ ඩබ්.ඒ.දර්ශණ වීරසිංහ මහතා විසිනි.)

එච්.එම්.සී.හේරත්
තොරතුරු සන්නිවේදක
මහවැලි වියමන






Wednesday, August 16, 2017



මැදිරිගිරිය  ඓතිහාසික පසුබිම
අතීත හෙළ උරුමය

මැදිරිගිරිය වටදාගෙය.... අපේ අතීත හෙළ තාක්ෂණයේ මහිමය විදහා පාන තවත් එක් නිර්මාණයක්.. එය මැදිරිගිරිය නගරය සඳහා ඇති එකම ඓතිහාසික හෙළ උරුමය බව විවාදයක් නැත... හබරණ පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය දක්වා ගමන් කර... මින්නේරිය නගර මධ්‍යයේ දී වම්පසින් හමුවන මාර්ගයේ හැරී කිලෝමීටර් 04 ක පමණ දුරක් ගියවිට හිඟුරක්ගොඩ නගරය හමු වේ. හිඟුරක්ගොඩ නගරයේ ඇති ඔරලෝසු කණුව අසලින් වම් පසට හැරී කිලෝමීටර් 14 ක පමණ දුරක් ගිය විට මැදිරිගිරිය නගරය හමුවන අතර මැදිරිගිරිය නගරයේ සිට අඹගස්වැව දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 03 ක් පමණ ගියවිට මාර්ගය අසලම මැදිරිගිරිය පුරාවිද්‍යා ස්ථානයේ ප්‍රවේශ දොරටුව දැකිය හැකිය.


මැදිරිගිරිය පුරාවිද්‍යා ස්ථානය වඩාත් ප්‍රකට වන්නේ ඓතිහාසික මැදිරිගිරිය වටදාගය නිසාය... ඉතා දිගු ඉතිහාසයක් ඇති මැදිරිගිරිය පුරාවිද්‍යා ස්මාරක අතර කාගේත් සිත් ඇඳගන්නා නිර්මාණයක් ලෙස මැදිරිගිරිය වටදාගය හැඳින්විය හැක... මැදිරිගිරිය ඓතිහාසික පසුබිම ඉතා දිගු ඉතිහාසයක් දක්වා දිවයයි... මැදිරිගිරිය නොහොත් මණ්ඩලගිරි විහාරයේ ඉතිහාසය පිළිබඳව මුලින්ම අපට තොරතුරු ලැබෙන්නේ මහා වංශයේ 36 වන පර්ච්ඡේදයෙනි... ක්‍රි.ව. 164-192 අතර රජකල කණිෂ්ඨ තිස්ස රජු භික්ෂුන් වහන්සේලා උදෙසා උපෝස්ථාගාරයක් ඉදිකළ බව එහි සඳහන් වේ. එදවස මණ්ඩලගිරි විහාරය ඉතා සුප්‍රසිද්ධ ස්ථානයක්ව පැවති බවට මෙමඟින් අපට සිතිය හැක.

මැදිරිගිරිය වටදාගය ක්‍රි.ව. 667-683 අතර රජකල හතරවන අග්බෝ රජ දවස මලය රාජ නම් ප්‍රාදේශීය රජ කෙනෙකු විසින් ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ... මැදිරිගිරිය වටදාගය මධ්‍යයේ ඇති කුඩා ස්තූපය අසල කළ කැණීම් කටයුතු වලදී ඉපැරණි බ්‍රාහ්මීය අක්ෂර සහිත උළු කැට කිහිපයක් හමුවී ඇත. ක්‍රි.ව. 853-887 අතර රජකල දෙවන සේන රජු මණ්ඩලගිරි විහාරයට ගම්වර ගණනාවක් සහ බොහෝ ධන සම්පත් පරිත්‍යාග කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි.ව. 1055-1110 අතර රජකළ මහා විජයබාහු රජතුමා ද මෙම විහාරස්ථානයේ උන්නතිය උදෙසා කටයුතු කොට ඇත. නවවන හා දහවන සියවස්වල මණ්ඩලගිරි විහාරය ඉතා දියුණු මට්ටමක පැවති අතර ආ‍රෝග්‍ය ශාලාවක් පවා මෙම ස්ථානයේ පැවතී ඇත...

පොළොන්නරු යුගයේදී ද මැදිරිගිරිය නොහොත් මණ්ඩලගිරි විහාරය ඉතා දියුණු මට්ටමක පැවති බවට ඉතිහාසයෙන් අපට සාක්ෂි හමු වේ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජ සමයට පෙර... මහා විජයබාහු රජතුමාගෙන් පසු අතර වූ කාල පර්ච්ඡේදය පොළොන්නරුව ඉතිහාසයේ රාජ්‍යත්වය උදෙසා බොහෝ කැළඹීම් ඇති වූ කාල වකවානුවක් ලෙස හැඳින්විය හැක... රුහුණේ බලය තහවුරු කරගත් මහා පරාක්‍රමබාහු රජුට මුළු දිවයිනේම පාලන බලය තමා සතු කරගැනීමට අවශ්‍ය විය... ඒ සඳහා තම සොහොයුරකු වන දෙවන ගජබා (ක්‍රි.ව. 1132-1153) රජු සමඟ සටන් වැදීමට ඔහුට සිදු විය. ඉතා දරුණු සටන් මධ්‍යයේ පොළොන්නරුව අත්පත් කර ගැනීමේ ඉතා ආසන්න අවස්ථාවට පරාක්‍රමබාහු රජු පැමිණිය ද එම අවස්ථාවේ සිදුවන ජීවිත හා දේපළ විනාශය දුටු මහා සංඝරත්නය ඊට මැදිහත් විය... රජුන් දෙදෙනා අතර සාකච්ඡා පවත්වා සමගි කොට දෙවන ගජබා රජුට හා මහා පරාක්‍රමබාහු රජුට කොන්දේසි පැනවීය. එම කොන්දේසි වූයේ මිය යන තුරුම දෙවන ගජබා රජුට පොළොන්නරු රාජධානියේ රජකම ලබාදිය යුතු බවත්... ඔහුගෙන් පසු අනිවාර්යයෙන්ම මහා පරාක්‍රමබාහු කුමරුට පොළොන්නරු රාජධානියේ රජකම ලබා දීමට ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතු බවත් ය... මේ සම්බන්ධයෙන් තමාගෙන් පසු මහා පරාක්‍රමබාහු රජුට සිහසුන හිමිවන පිරිදි දෙවන ගජබා රජු විසින් මණ්ඩලගිරි විහාරයේ ගල් සන්නසක් කළ බවට වංශකතා වල සඳහන් වේ. නමුත් තවමත් එම ගල් සන්නස මැදිරිගිරිය පුරා විද්‍යා කැණීම් තුළින් සොයා ගැනීමට හැකිවී නොමැති අතර එම සන්නසේ පිටපතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සංගමුව රජමහා විහාරයේ තිබී සොයා ගෙන ඇත.
වටදාගෙය

එසේම ශිලා ලේඛන ඉදිකරවීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධම රජු වන නිශ්ශංක මල්ල රජුගේ ශිලා ලේඛන වලද මණ්ඩලගිරි විහාරය පිළීබඳව සඳහන් වේ. එමෙන්ම දහතුන්වන සියවසේ දී රචනා කරන ලද පූජාවලියේ ද මණ්ඩලගිරිය විහාරය සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කළ අති පූජනීය ස්ථානයක් ලෙස දක්වා ඇත.

උපුටා ගැනීම අන්තර්ජාලය මඟිනි.

එච්.එම්.සී. හේරත්
තොරතුරු සංනිවේදක
මහවැලි වියමන
මැදිරිගිරිය.

Wednesday, August 9, 2017

මහවැලි ක්‍රිඩාංගනය- කඩිනමින් ඉදිවන බිසෝපුර ක්‍රිඩාංගනයේ තතු

බිසෝපුර ඉදිවන මහවැලි ක්‍රිඩාංගනය

ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය මගින් ඉදිවන දැවැන්ත ක්‍රිඩාංගනයේ කටයුතු මෙිවන විට 70% පමණ අවසන්ව ඇත. මෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ 2017 වර්ෂයේ අප්‍රේල් මාසයෙන් පසුවය. එසේ නමුත් මේ වන විට ක්‍රීඩාංගණයේ කටයුතු කඩිනම්න් නිම වෙමින් පවතින අතර නුදුරු දිනයක දී වැඩ නිම වීමට නියමිතය.

අංග සම්පූර්ණ දැවැන්ත ක්‍රීඩංගණයක් වන මෙහි ප්‍රධාන ක්‍රීඩාගාරයට අමතරව නැරඹුම් මැදිරි 4 ක් ඉදිවන අතර මැදිරිගිරිය ප්‍රදේශයේ මීටර් 400 ධාවන පථය සලකුණු කිරීමට හැකි එකම ක්‍රීඩාංගණය ද මෙය වේ. 

මෙමඟින් ප්‍රදේශයේ දුවා දරුවන්ට තම ක්‍රීඩා කුසලතා සංවර්ධනය කර ගැනීමටත් තම  පෞරැෂය වර්ධනය කර ගැනීමට මහඟු පිටුවහලක් වනු නොඅනුමානය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඩී කලාපය තුළද වෙනත් මහවැලි කලාප මෙන් ප්‍රදේශයේ ජනතාවට  අවශ්‍ය වන සියළු පහසුකම් කඩිනමින් සිදු කෙරෙමින් පවතී.

2017 වර්ෂයේ අවසන් කාර්තුව වන විට  මහවැලි ක්‍රීඩංගණයේ සියළු වැඩ කටයුතු අවසන් කිරීමට හැකි වන බව දැනට සිදු වන සංවර්ධන කාර්යක්ෂමතාවය අනුව අනුමාන කළ හැක. 


ප්‍රසන්න ජයතිලක,
නේවාසික ව්‍යපාර කළමනාකාර,
මැදිරිගිරිය

ගෙවතු වල කොම්පෝස්ට් නිෂ්පාදනය


ශ්‍රි ලංකාවේ කාලීන අවශ්‍යතාවයක් ලෙස දැනට සිදුකල යුතු ඉතා වටිනා කාර්යක් ලෙස ගෙවතු තුල කොම්පෝස්ට් සැදිම හැදින්විම හැක. මෙම කරුණු සැලකිල්ලට ගත් ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය ගෙවතු තුල කොම්පෝසට් සැදිම පිළිබද ගොවින් දැනුවත් කිරිමේ වැඩසටහනක් 2017 වර්ෂයේද ආරම්භකරන ලදි. ඒ අනුව කහඹිලියාව ප්‍රදේශයේ සිදුකරන ලද සාර්ථක කොම්පෝස්ට් සැදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. 
එහිදි ගොවින් 40දෙනෙකු පමණ සහභාගි වු අතර ඔවුන්ගේ අදහස වුයේද මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදුකරන්නේ මහවැලි අධිකාරියෙන් බවයි. කොම්පෝස්ට් සැදිම හා භාවිතයට ගැනිම තුලින් වසවිස නොමැති ආහාර පරිභෝජනය කිරිමේ හැකියාව ලැබේ. දැනට වසංගතයක් ලෙස රටපුරා ව්‍යාප්ත වන වකුගඩු රෝගය ව්‍යාප්ත විමේ නිෂ්චිත කරුණ සොයා ගෙන නැතත්, රසායනික පොහොර අධික ලෙස භාවිතය නිසා වැළදීමේ හැකියාවක් ඇතිබව විද්වත් මතයයි. මේ සදහා පිළියමක් ලෙස කාබනික පොහොර භාවිතය දිරිගැන්විම ඉතා කාලෝචිත බව අපගේ හැගිමයි.

ලලිත් අරුණ ශාන්ත
තොරතුරු සංනිවේදක
මහවැලි වියමන
මැදිරිගිරිය.