
ශ්‍රී ලංකාව
තුළ සීඝ්‍රයෙන් පැතීරී යන බෝ නොවන රෝග ඉදිරියේ දී රටේ සංවර්ධනයට වුවද විශාල
බාධකයක් විය හැක. වර්ථමානයේ දී වයස් මට්ටමකින් තොරව පැතිරී යන බෝ නොවන රෝගී තත්වයන් ලෙස වකුගඩු රෝගය,
දියවැඩියාව, අධීක රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගී තත්වයන් හඳුනාගත හැක.
මෙම තත්වයන්ට
හේතු ලෙස වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙන්නේ දැනට පවතින සමාජ රටාවේ ඇති ව්‍යාකූලතාවයයි.
එනම් රැකියාවේ ස්වභාවය, ආහාර රටාව, ව්‍යායාම මදිකම, ආතතිය, තරඟකාරී බව, මානසික ව්‍යාකූලතාවය
වැනි කරුණු පෙන්වා දිය හැක.

කෙසේ නමුත් රෝග වැළදුණු පසු පාලනය කිරීම හැරුණු කොට වෙනත් විකල්ප ඉතා විරලය. එබැවින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ සියළුම නිලධාරීන් හට බෝ නොවන රෝග හඳුනා ගැනීමේ හා වළක්වා ගැනීමේ සායනයක් 2018.06.25 දිනය පුරා කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මෙම සායනය ඩී කලාපයේ ආයතන සංවර්ධන අංශය මඟින් සංවිධානය කළ අතර ඒ සඳහා නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (සංවර්ධන) ඒ. ජි. අයි. එස්. පියවර්ධන මහත්මිය සෘජු දායකත්වය ලබා දී කොට්ඨාශ කළමනාකාර (බිසෝපුර) කාර්ය මණ්ඩලය හා නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්ය මණ්ඩලය සායනය සඳහා ඉදිරිපත් කර තිබුණි.
මීට අමතරව
දන්ත සායනයක් මෙන්ම කාන්තාවන් සඳහා සුවනාරී සායනයක් ද මෙම දිනය තුළදී සාර්ථකව
පවත්වන ලදී.

No comments:
Post a Comment