Thursday, June 28, 2018


බෝ නොවන රෝග සඳහා සායන පැවැත්වීම.

ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් පැතීරී යන බෝ නොවන රෝග ඉදිරියේ දී රටේ සංවර්ධනයට වුවද විශාල බාධකයක් විය හැක. වර්ථමානයේ දී වයස් මට්ටමකින් තොරව පැතිරී යන බෝ නොවන රෝගී තත්වයන් ලෙස වකුගඩු රෝගය, දියවැඩියාව, අධීක රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගී තත්වයන් හඳුනාගත හැක. 
මෙම තත්වයන්ට හේතු ලෙස වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙන්නේ දැනට පවතින සමාජ රටාවේ ඇති ව්‍යාකූලතාවයයි. එනම් රැකියාවේ ස්වභාවය, ආහාර රටාව, ව්‍යායාම මදිකම, ආතතිය, තරඟකාරී බව, මානසික ව්‍යාකූලතාවය වැනි කරුණු පෙන්වා දිය හැක.
විශේෂයෙන්ම උක්ත රෝගී තත්ව රැකියා නියුක්තිකයින් හට ප්‍රබල ලෙස බලපා ඇත. තමන්ට හිමි රැකියාවේ විශාල ආතතියක් රඳවා ගනිමින් සේවයේ යෙදීම හැරුණු කොට වෙනත් කිසිදු ක්‍රියාකාරකමක නොයෙදීම මෙම තත්වයට ඔවුන් හසුවීම වැඩිකර ඇත. විශේෂයෙන් රාජ්‍ය සේවය තුල මෙම තත්වය උග්‍ර ලෙස පැතීරී යන අතර  එය රටේ සංවර්ධනයට විශාල ලෙස බලපෑම් ඇති කළ හැකි බව විද්වත් මතයයි.

 
කෙසේ නමුත් රෝග වැළදුණු පසු පාලනය කිරීම හැරුණු කොට වෙනත් විකල්ප ඉතා විරලය. එබැවින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ සියළුම නිලධාරීන් හට බෝ නොවන රෝග හඳුනා ගැනීමේ හා වළක්වා ගැනීමේ සායනයක් 2018.06.25 දිනය පුරා කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.
 

 මෙම සායනය මඟින් නේවාසික ව්‍යාපාර කළමනාකාර ප්‍රසන්න ජයතිලක මහතා බලාපොරොත්තු වන්නේ රටේ හා ප්‍රදේශයේ සාර්ථකත්වයට කාර්යක්ෂම ලෙස දායක වන නිලධාරීන් සමූහයක් ඇති කිරීමයි.
 
 
මෙම සායනය ඩී කලාපයේ ආයතන සංවර්ධන අංශය මඟින් සංවිධානය කළ අතර ඒ සඳහා නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (සංවර්ධන) ඒ. ජි. අයි. එස්. පියවර්ධන මහත්මිය සෘජු දායකත්වය ලබා දී කොට්ඨාශ කළමනාකාර (බිසෝපුර) කාර්ය මණ්ඩලය හා නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්ය මණ්ඩලය සායනය සඳහා ඉදිරිපත් කර තිබුණි.

මීට අමතරව දන්ත සායනයක් මෙන්ම කාන්තාවන් සඳහා සුවනාරී සායනයක් ද මෙම දිනය තුළදී සාර්ථකව පවත්වන ලදී.


ආර්.එම්.ඩී.ආර්.රත්නායක
තොරතුරු සන්නිවේදක 
මහවැලි වියමන








  
 
 




 

Wednesday, June 20, 2018


මහවැලි බල ප්‍රදේශ වල  ශක්තිමත් හා
නිරෝගීමත් දුවා දරුවන් පිරිසක් බිහි කරමු.

මහවැලි බල ප්‍රදේශ වල ශක්තිමත් හා නිරෝගීමත් දුවා දරුවන් පිරිසක් බිහි කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඩී කලාපයේ, බිසෝපුර කොට්ඨාස බල ප්‍රදේශයේ ඉතා දුෂ්කර කටුක පරිසරයක පිහිටි ත්‍රී/පේරමඩුව කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දුවා දරුවන් 103 දෙනෙකු සඳහා අවුරුද්දක් පුරා දියර කිරි ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 
මෙහි සමාරම්භක වැඩසටහන එම විදුහලේ විදුහල්පති ඩබ්.එස්.ජි.ආර්.පෙරේරා මහතාගේ හා බිසෝපුර කොට්ඨාශයේ කොට්ඨාස කළමණාකාර එස්.ඒ.පි.ඩි.සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 15 දින පවත්වන ලදි.

මේ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඩී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර ප්‍රසන්න ජයතිලක මහතාගේ මඟ පෙන්විම යටතේ 2018 සත්ව පාලන ක්‍රියාත්මක සැලැස්මෙහි රු.857,790/-ක ප්‍රතිපාදන වෙන් කර දී ඇති අතර, අවසන් ඉලක්ක වශයෙන් දියර කිරි ලීටර් 600ක ප්‍රමාණයක් ළමුන් හට ලබා දීමට නියමිතව ඇත.


ලිපිය -    ප්‍රභාත් ප්‍රියංකර

              පශු සම්පත් සංවර්ධන සහකාර

             කොට්ඨාශ කළමනාකාර කාර්යාලය (බිසෝපුර)
  

එච්.එම්.සී. හේරත්
තොරතුරු සංනිවේදක
මහවැලි වියමන
මැදිරිගිරිය.