Wednesday, January 8, 2020

පුද්ගල සාර්ථකත්වය සඳහා උදෑසන හමුව (Morning Meeting)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යනු අනෙකුත් රාජ්‍ය ආයතන හා සැලකිල්ලට ලක් කිරීමේදී බහු කාර්යය හා බහු විද ආයතනයකි. අප ආයතනය මඟින් ආර්ථීක, සාමාජීය හා සංස්කෘතික වශයෙන් පමණක් නොව ක්‍රීඩා හා විනෝදාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තම සේවදායකයා වෙනුවෙන් රාජකාරි ඉටුකරනු ලබන රාජ්‍ය ආයතනයක් වේ. මහවැලි කලාප අතරින් ඩී කලාපය, මැදිරිගිරිය මහවැලි සංවර්ධන බල ප්‍රදේශයන්ගෙන් නව සක්‍රීය කලාපයක් ලෙස එකතු වන්නේ මෑත කාලය තුලදීය. ඒකාකාරි රාජකාරි ජීවිතයක් ගත කරමින් සේවය කරනු ලබන නිලධාරීන් / සේවකයින් සඳහා මීට වසර දෙකකට පමණ පෙරාතුව නේවාසික ව්‍යාපාර කළමනාකාර ප්‍රසන්න ජයතිලක මහතා විසින් හඳුන්වා දුන් උදෑසන හමුව (Morning Meeting) ඔවුනගේ ඒකාකාරි රාජකාරි ජීවිතයෙන් මිදී ආකල්පමය වෙනසක් ඇති කිරීමට සමත්ව ඇති බව පැවසිය හැක.
සති දෙකකට වරක් බදාදා උදෑසන 08.30 සිට 09.00 දක්වා විනාඩි 30ක කාලයක් මේ සඳහා යොදා ගන්නා අතර එක් එක් අංශ සඳහා තමන්ගේ ඉදිරිපත් කිරීම සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇත. මේ තුලින් විවිධ ආදර්ශමත් කථා සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් මෙන්ම විවිධ ක්‍රියාකාරකම් ඉදිරිපත් කරනු ලබයි. එමඟින් නිළධාරීන්ගේ දැනුම යාවත්කාලීන වීම සිදුවනවා මෙන්ම ආකල්පමය වශයෙන් සංවර්ධනයක් සිදුවීමද පෙනෙන්නට තිබේ. ඒ තුලින් ආයතනය තුල කල්ලි ගැසීම් බෙදී වෙන්වීම හා දිගුකාලිනව තිබු පුද්ගල මත ගැටුම් අවම වී තිබීම සතුටට කරුණක් ලෙස පෙන්වා දිය හැක.
පැය අටක සේවයෙන් හෙම්බත්ව ඇති රජයේ සේවකයින් 90%ක්ම බෝනොවන රෝග වලින් පීඩාවට පත්ව ඇති බව අප හොඳින් දන්නා කරුණකි. ඒ ඔවුනගේ ඒකාකාරි ජීවන රටාව රාජකාරිමය වශයෙන් ඇතිවන මානසික ආතතිය බව පැහැදිලි වේ. එවන් පසුබිමක ශ්‍රී ලංකා මහවැලි අධීකාරිය, මැදිරිගිරිය කලාපය විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවන් නිළධාරීන් කායික මෙන්ම මානසික වශයෙන්ද සුවපත් වීම තුලින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකියාව ලැබී තිබේ. එසේම සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම උදෙසා වන සාර්ථක මතු පරපුරක් ද බිහිකිරීමේ හැකියාවද මෙමඟන් ලැබෙන බව කිය යුතුය.


(එච්.එම්.සී.හේරත්)
තොරතුරු සන්නිවේදක

Monday, November 18, 2019


යහපත් ගුණගරුක පරපුරක් බිහිකරමු


ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, මැදිරිගිරිය ඩී කලාපයේ ආයතන සංවර්ධන අංශය මඟින් ක්‍රියාත්මක කරන 2019 වර්ෂයේ ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා වෙන්කල ප්‍රතිපාදන මත යහපත් ගුණගරුක පරපුරක් බිහිකිරීමේ අරමුණෙන් සුමඟ සදාචාරාත්මක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
සුජාත දරුවෝ වැඩසටහන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය තුල අවුරුදු 03ක පමන කාලයක් තුල ක්‍රියාත්මක වන අතර, එතුලින් සුමඟ සදාචාරාත්මක වැඩසටහන් ප්‍රමුඛ ස්ථානයක් ගනී. නව සංවර්ධන කලාපයක්  වන මහවැලි ඩී කලාපයේ ඉතාම මෑතක දී සිදුවූ ජනපදකරණය නිසා 800ක පමණ ඉඩම්ලාභීන් ප්‍රමාණයක් නැවත පදිංචි කරන ලදි. ඔවුන් අතර විවිධාකාර සමාජ තරාතිරම් නියෝජනය කරන පුද්ගලයින් සිටින බව පැහැදිලිය. නව ජනපදකරණයේදී යටිතල පහසුකම් හා අනෙක් භෞතික පහසුකම් සැලසීම ප්‍රමුඛ වුවද ඔවුන් සමාජානුයෝජනය කිරීම ද ප්‍රමුඛස්ථානයක් හිමිවිය යුතු කාරණයකි. 
එම වැඩසටහන් පැවැත්වීමද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ආයතන සංවර්ධන අංශයේ කාර්යයකි. එම කාර්යය සාර්ථක කරනු වස් මැදිරිගිරිය නේවාසික ව්‍යාපාර කළමණාකාර බල ප්‍රදේශයට අයත් බිසෝපුර කොට්ඨාශයේ දහම්වැව ඒකකයේ පදිංචි කරනු ලැබු නව ජානපදිකයින් සමාජානුයෝජනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
මෙම වැඩසටහන තුලදී ප්‍රජාව වෙත නූතන සමාජයේ ව්‍යාකූල වූ විෂමතා පිළිබඳව මෙන්ම පවුල් සංස්ථාවේ වටිනාකම, දරුවන්ගේ අධ්‍යාපනය, පෞර්ෂත්වය බිඳ වැටීම වැලැක්වීම, ළමා හිංසනය පිටුදැකීම හා විෂ මත්ද්‍රව්‍ය මඟින් සිදුවන සමාජ විනාශය පිළිබඳව දැනුවත් කරන ලදි.
මේ සඳහා සම්පත් දායකත්වය අන්තරාය ඖෂධ පාලන මණ්ඩලයේප්‍රවීන දේශක සුපුන් උදාන මහතා සම්බන්ධ කර ගැනීමට සංවර්ධන අංශයේ කාර්යය මණ්ඩලය කටයුතු කර තිබුණි.
ඉතා සාර්ථකව මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු කර තිබු අතර, එහිදී ප්‍රජාවගේ උසස් ප්‍රසංසාවක් මෙම වැඩසටහනට හිමි විය. ජනපදිකයින් 350ක් පමණ ප්‍රමාණයක් මේ සඳහා සහභාගී විය.

 මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියළුම කාර්යය මණ්ඩලය විශාල දායකත්වයක් දැක්වූ අතර ඒ අතරින් නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමා, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමිය (සංවර්ධන) කොට්ඨාශ කළමනාකාරතුමා ඇතුළු කාර්යය මණ්ඩලය විශේෂ උත්සහයක් දරා තිබූණි.
මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුත්තේ බිසෝපුර කොට්ඨාශ කාර්යාලයේ ආයතන සංවර්ධන නිලධාරි හා දහම්වැව ඒකකයේ ඒකක කළමනාකාරගේ දැඩි කැපවීම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඉවහල්වු බව සඳහන් කල යුතුමය.




එච්.එම්.සී.හේරත්
තොරතුරු සන්නිවේදක



Thursday, February 28, 2019


 

 

 

ගැමිළියට අත්වැලක්         

  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව දේශගුණික විපර්යාෂයන්ට අනුහුරුකර  වීමේ වැඩසටහන යටතේ මහවැලි ඩී කලාපයේ ග්‍රාමීය කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් සංවිධානය වී ඇත. එම වැඩසටහන් වලට සමගාමීව ග්‍රාමීය කාන්තාවන්ගේ ස්වයං රැකියා සඳහා ලබාදුන් පුහුණු වැඩසටහන් අතරින්  මැහුම් ශිල්ප පුහුණු  වැඩසටහන ඉදිරියට ගෙනයාමේ අරමුණින්  කුඩා පරිමාණයේ ඇඟලුම් කර්මාන්තශාලාවක් 2019/02/28 දින බිසෝපුර ඒකකයේ මහවැලි පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී.
 ග්‍රාමීය කාන්තාවන්ගේ හැකියාවන් හා ආර්ථික මට්ටම දියුණු කිරීමේ අරමුණින් ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ පුර්ණ මගපෙන්වීම යටතේ කාලගුණික විපර්යාසයන්ට අනහුරු වීමේ ව්‍යාපෘතිය මුල්‍ය දායකත්වයෙන් ‌‌මෙම කුඩා පරීමානයේ ඇගලුම් කර්මාන්ත ශාලාව ආරම්භ කරන ලදි. මෙම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් කළමණාකරණය වන්නේ සේවයේ යෙදෙන කාන්තාවන්ගෙන් විමද සුවිශේෂි කරුණකි.

මෙහි විශේෂ ප්‍රතිලාභ ලෙස,

               01. ග්‍රාමීය කාන්තාවන්ට පහසු ‌වේලාවන්හීදී ‌සේවයේ ‌යෙදීමට ඇති හැකියාව.
             
               02. මෙමගින් ලැබෙන ලාභය ඔවුන් අතරම ‌බෙදී යාම .

               03. සියළුම සාමාජිකයන් නොමිලේ පුහුණු කර ‌‌සේවාගත කිරීම.
   
 දැක්විය හැක.

මෙම කාර්යය  ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ බිසෝපුුර කලාපයේ ‌ෙනේවාසික ව්‍යාාපාර කළමණාකර ‌‌ජේ.පී. ජයතිලක මහතාගේ සංකල්පයකට අනුව නියෝජ්‍ය ‌නේවාසික ව්‍යාපාර කළමණාකාර (සංවර්ධන) ‌ගේ ‌මෙහෙයවීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිරිගිරිය නියෝජිත කැලුම් මහතා හා ව්‍යාපෘති නිළධාරී චමින්ද ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් ‌ ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීම සදහා කළ ‌මෙහෙය ‌මෙසේ සාර්ථක විය.





තොරතුරු සන්නිවේදක,
මහවැලි වියමන
ලලිත් අරුණ ශාන්ත සමග හර්ශණි මදුවන්ති

Thursday, June 28, 2018


බෝ නොවන රෝග සඳහා සායන පැවැත්වීම.

ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් පැතීරී යන බෝ නොවන රෝග ඉදිරියේ දී රටේ සංවර්ධනයට වුවද විශාල බාධකයක් විය හැක. වර්ථමානයේ දී වයස් මට්ටමකින් තොරව පැතිරී යන බෝ නොවන රෝගී තත්වයන් ලෙස වකුගඩු රෝගය, දියවැඩියාව, අධීක රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගී තත්වයන් හඳුනාගත හැක. 
මෙම තත්වයන්ට හේතු ලෙස වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙන්නේ දැනට පවතින සමාජ රටාවේ ඇති ව්‍යාකූලතාවයයි. එනම් රැකියාවේ ස්වභාවය, ආහාර රටාව, ව්‍යායාම මදිකම, ආතතිය, තරඟකාරී බව, මානසික ව්‍යාකූලතාවය වැනි කරුණු පෙන්වා දිය හැක.
විශේෂයෙන්ම උක්ත රෝගී තත්ව රැකියා නියුක්තිකයින් හට ප්‍රබල ලෙස බලපා ඇත. තමන්ට හිමි රැකියාවේ විශාල ආතතියක් රඳවා ගනිමින් සේවයේ යෙදීම හැරුණු කොට වෙනත් කිසිදු ක්‍රියාකාරකමක නොයෙදීම මෙම තත්වයට ඔවුන් හසුවීම වැඩිකර ඇත. විශේෂයෙන් රාජ්‍ය සේවය තුල මෙම තත්වය උග්‍ර ලෙස පැතීරී යන අතර  එය රටේ සංවර්ධනයට විශාල ලෙස බලපෑම් ඇති කළ හැකි බව විද්වත් මතයයි.

 
කෙසේ නමුත් රෝග වැළදුණු පසු පාලනය කිරීම හැරුණු කොට වෙනත් විකල්ප ඉතා විරලය. එබැවින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිරිගිරිය ඩී කලාපයේ සියළුම නිලධාරීන් හට බෝ නොවන රෝග හඳුනා ගැනීමේ හා වළක්වා ගැනීමේ සායනයක් 2018.06.25 දිනය පුරා කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.
 

 මෙම සායනය මඟින් නේවාසික ව්‍යාපාර කළමනාකාර ප්‍රසන්න ජයතිලක මහතා බලාපොරොත්තු වන්නේ රටේ හා ප්‍රදේශයේ සාර්ථකත්වයට කාර්යක්ෂම ලෙස දායක වන නිලධාරීන් සමූහයක් ඇති කිරීමයි.
 
 
මෙම සායනය ඩී කලාපයේ ආයතන සංවර්ධන අංශය මඟින් සංවිධානය කළ අතර ඒ සඳහා නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (සංවර්ධන) ඒ. ජි. අයි. එස්. පියවර්ධන මහත්මිය සෘජු දායකත්වය ලබා දී කොට්ඨාශ කළමනාකාර (බිසෝපුර) කාර්ය මණ්ඩලය හා නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්ය මණ්ඩලය සායනය සඳහා ඉදිරිපත් කර තිබුණි.

මීට අමතරව දන්ත සායනයක් මෙන්ම කාන්තාවන් සඳහා සුවනාරී සායනයක් ද මෙම දිනය තුළදී සාර්ථකව පවත්වන ලදී.


ආර්.එම්.ඩී.ආර්.රත්නායක
තොරතුරු සන්නිවේදක 
මහවැලි වියමන








  
 
 




 

Wednesday, June 20, 2018


මහවැලි බල ප්‍රදේශ වල  ශක්තිමත් හා
නිරෝගීමත් දුවා දරුවන් පිරිසක් බිහි කරමු.

මහවැලි බල ප්‍රදේශ වල ශක්තිමත් හා නිරෝගීමත් දුවා දරුවන් පිරිසක් බිහි කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඩී කලාපයේ, බිසෝපුර කොට්ඨාස බල ප්‍රදේශයේ ඉතා දුෂ්කර කටුක පරිසරයක පිහිටි ත්‍රී/පේරමඩුව කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දුවා දරුවන් 103 දෙනෙකු සඳහා අවුරුද්දක් පුරා දියර කිරි ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 
මෙහි සමාරම්භක වැඩසටහන එම විදුහලේ විදුහල්පති ඩබ්.එස්.ජි.ආර්.පෙරේරා මහතාගේ හා බිසෝපුර කොට්ඨාශයේ කොට්ඨාස කළමණාකාර එස්.ඒ.පි.ඩි.සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 15 දින පවත්වන ලදි.

මේ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඩී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර ප්‍රසන්න ජයතිලක මහතාගේ මඟ පෙන්විම යටතේ 2018 සත්ව පාලන ක්‍රියාත්මක සැලැස්මෙහි රු.857,790/-ක ප්‍රතිපාදන වෙන් කර දී ඇති අතර, අවසන් ඉලක්ක වශයෙන් දියර කිරි ලීටර් 600ක ප්‍රමාණයක් ළමුන් හට ලබා දීමට නියමිතව ඇත.


ලිපිය -    ප්‍රභාත් ප්‍රියංකර

              පශු සම්පත් සංවර්ධන සහකාර

             කොට්ඨාශ කළමනාකාර කාර්යාලය (බිසෝපුර)
  

එච්.එම්.සී. හේරත්
තොරතුරු සංනිවේදක
මහවැලි වියමන
මැදිරිගිරිය.