Monday, November 18, 2019


යහපත් ගුණගරුක පරපුරක් බිහිකරමු


ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, මැදිරිගිරිය ඩී කලාපයේ ආයතන සංවර්ධන අංශය මඟින් ක්‍රියාත්මක කරන 2019 වර්ෂයේ ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා වෙන්කල ප්‍රතිපාදන මත යහපත් ගුණගරුක පරපුරක් බිහිකිරීමේ අරමුණෙන් සුමඟ සදාචාරාත්මක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
සුජාත දරුවෝ වැඩසටහන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය තුල අවුරුදු 03ක පමන කාලයක් තුල ක්‍රියාත්මක වන අතර, එතුලින් සුමඟ සදාචාරාත්මක වැඩසටහන් ප්‍රමුඛ ස්ථානයක් ගනී. නව සංවර්ධන කලාපයක්  වන මහවැලි ඩී කලාපයේ ඉතාම මෑතක දී සිදුවූ ජනපදකරණය නිසා 800ක පමණ ඉඩම්ලාභීන් ප්‍රමාණයක් නැවත පදිංචි කරන ලදි. ඔවුන් අතර විවිධාකාර සමාජ තරාතිරම් නියෝජනය කරන පුද්ගලයින් සිටින බව පැහැදිලිය. නව ජනපදකරණයේදී යටිතල පහසුකම් හා අනෙක් භෞතික පහසුකම් සැලසීම ප්‍රමුඛ වුවද ඔවුන් සමාජානුයෝජනය කිරීම ද ප්‍රමුඛස්ථානයක් හිමිවිය යුතු කාරණයකි. 
එම වැඩසටහන් පැවැත්වීමද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ආයතන සංවර්ධන අංශයේ කාර්යයකි. එම කාර්යය සාර්ථක කරනු වස් මැදිරිගිරිය නේවාසික ව්‍යාපාර කළමණාකාර බල ප්‍රදේශයට අයත් බිසෝපුර කොට්ඨාශයේ දහම්වැව ඒකකයේ පදිංචි කරනු ලැබු නව ජානපදිකයින් සමාජානුයෝජනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
මෙම වැඩසටහන තුලදී ප්‍රජාව වෙත නූතන සමාජයේ ව්‍යාකූල වූ විෂමතා පිළිබඳව මෙන්ම පවුල් සංස්ථාවේ වටිනාකම, දරුවන්ගේ අධ්‍යාපනය, පෞර්ෂත්වය බිඳ වැටීම වැලැක්වීම, ළමා හිංසනය පිටුදැකීම හා විෂ මත්ද්‍රව්‍ය මඟින් සිදුවන සමාජ විනාශය පිළිබඳව දැනුවත් කරන ලදි.
මේ සඳහා සම්පත් දායකත්වය අන්තරාය ඖෂධ පාලන මණ්ඩලයේප්‍රවීන දේශක සුපුන් උදාන මහතා සම්බන්ධ කර ගැනීමට සංවර්ධන අංශයේ කාර්යය මණ්ඩලය කටයුතු කර තිබුණි.
ඉතා සාර්ථකව මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු කර තිබු අතර, එහිදී ප්‍රජාවගේ උසස් ප්‍රසංසාවක් මෙම වැඩසටහනට හිමි විය. ජනපදිකයින් 350ක් පමණ ප්‍රමාණයක් මේ සඳහා සහභාගී විය.

 මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියළුම කාර්යය මණ්ඩලය විශාල දායකත්වයක් දැක්වූ අතර ඒ අතරින් නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමා, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමිය (සංවර්ධන) කොට්ඨාශ කළමනාකාරතුමා ඇතුළු කාර්යය මණ්ඩලය විශේෂ උත්සහයක් දරා තිබූණි.
මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුත්තේ බිසෝපුර කොට්ඨාශ කාර්යාලයේ ආයතන සංවර්ධන නිලධාරි හා දහම්වැව ඒකකයේ ඒකක කළමනාකාරගේ දැඩි කැපවීම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඉවහල්වු බව සඳහන් කල යුතුමය.




එච්.එම්.සී.හේරත්
තොරතුරු සන්නිවේදක