Monday, November 18, 2019


යහපත් ගුණගරුක පරපුරක් බිහිකරමු


ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, මැදිරිගිරිය ඩී කලාපයේ ආයතන සංවර්ධන අංශය මඟින් ක්‍රියාත්මක කරන 2019 වර්ෂයේ ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා වෙන්කල ප්‍රතිපාදන මත යහපත් ගුණගරුක පරපුරක් බිහිකිරීමේ අරමුණෙන් සුමඟ සදාචාරාත්මක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
සුජාත දරුවෝ වැඩසටහන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය තුල අවුරුදු 03ක පමන කාලයක් තුල ක්‍රියාත්මක වන අතර, එතුලින් සුමඟ සදාචාරාත්මක වැඩසටහන් ප්‍රමුඛ ස්ථානයක් ගනී. නව සංවර්ධන කලාපයක්  වන මහවැලි ඩී කලාපයේ ඉතාම මෑතක දී සිදුවූ ජනපදකරණය නිසා 800ක පමණ ඉඩම්ලාභීන් ප්‍රමාණයක් නැවත පදිංචි කරන ලදි. ඔවුන් අතර විවිධාකාර සමාජ තරාතිරම් නියෝජනය කරන පුද්ගලයින් සිටින බව පැහැදිලිය. නව ජනපදකරණයේදී යටිතල පහසුකම් හා අනෙක් භෞතික පහසුකම් සැලසීම ප්‍රමුඛ වුවද ඔවුන් සමාජානුයෝජනය කිරීම ද ප්‍රමුඛස්ථානයක් හිමිවිය යුතු කාරණයකි. 
එම වැඩසටහන් පැවැත්වීමද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ආයතන සංවර්ධන අංශයේ කාර්යයකි. එම කාර්යය සාර්ථක කරනු වස් මැදිරිගිරිය නේවාසික ව්‍යාපාර කළමණාකාර බල ප්‍රදේශයට අයත් බිසෝපුර කොට්ඨාශයේ දහම්වැව ඒකකයේ පදිංචි කරනු ලැබු නව ජානපදිකයින් සමාජානුයෝජනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
මෙම වැඩසටහන තුලදී ප්‍රජාව වෙත නූතන සමාජයේ ව්‍යාකූල වූ විෂමතා පිළිබඳව මෙන්ම පවුල් සංස්ථාවේ වටිනාකම, දරුවන්ගේ අධ්‍යාපනය, පෞර්ෂත්වය බිඳ වැටීම වැලැක්වීම, ළමා හිංසනය පිටුදැකීම හා විෂ මත්ද්‍රව්‍ය මඟින් සිදුවන සමාජ විනාශය පිළිබඳව දැනුවත් කරන ලදි.
මේ සඳහා සම්පත් දායකත්වය අන්තරාය ඖෂධ පාලන මණ්ඩලයේප්‍රවීන දේශක සුපුන් උදාන මහතා සම්බන්ධ කර ගැනීමට සංවර්ධන අංශයේ කාර්යය මණ්ඩලය කටයුතු කර තිබුණි.
ඉතා සාර්ථකව මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු කර තිබු අතර, එහිදී ප්‍රජාවගේ උසස් ප්‍රසංසාවක් මෙම වැඩසටහනට හිමි විය. ජනපදිකයින් 350ක් පමණ ප්‍රමාණයක් මේ සඳහා සහභාගී විය.

 මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියළුම කාර්යය මණ්ඩලය විශාල දායකත්වයක් දැක්වූ අතර ඒ අතරින් නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමා, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමිය (සංවර්ධන) කොට්ඨාශ කළමනාකාරතුමා ඇතුළු කාර්යය මණ්ඩලය විශේෂ උත්සහයක් දරා තිබූණි.
මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුත්තේ බිසෝපුර කොට්ඨාශ කාර්යාලයේ ආයතන සංවර්ධන නිලධාරි හා දහම්වැව ඒකකයේ ඒකක කළමනාකාරගේ දැඩි කැපවීම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඉවහල්වු බව සඳහන් කල යුතුමය.




එච්.එම්.සී.හේරත්
තොරතුරු සන්නිවේදක



Thursday, February 28, 2019


 

 

 

ගැමිළියට අත්වැලක්         

  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව දේශගුණික විපර්යාෂයන්ට අනුහුරුකර  වීමේ වැඩසටහන යටතේ මහවැලි ඩී කලාපයේ ග්‍රාමීය කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් සංවිධානය වී ඇත. එම වැඩසටහන් වලට සමගාමීව ග්‍රාමීය කාන්තාවන්ගේ ස්වයං රැකියා සඳහා ලබාදුන් පුහුණු වැඩසටහන් අතරින්  මැහුම් ශිල්ප පුහුණු  වැඩසටහන ඉදිරියට ගෙනයාමේ අරමුණින්  කුඩා පරිමාණයේ ඇඟලුම් කර්මාන්තශාලාවක් 2019/02/28 දින බිසෝපුර ඒකකයේ මහවැලි පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී.
 ග්‍රාමීය කාන්තාවන්ගේ හැකියාවන් හා ආර්ථික මට්ටම දියුණු කිරීමේ අරමුණින් ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ පුර්ණ මගපෙන්වීම යටතේ කාලගුණික විපර්යාසයන්ට අනහුරු වීමේ ව්‍යාපෘතිය මුල්‍ය දායකත්වයෙන් ‌‌මෙම කුඩා පරීමානයේ ඇගලුම් කර්මාන්ත ශාලාව ආරම්භ කරන ලදි. මෙම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් කළමණාකරණය වන්නේ සේවයේ යෙදෙන කාන්තාවන්ගෙන් විමද සුවිශේෂි කරුණකි.

මෙහි විශේෂ ප්‍රතිලාභ ලෙස,

               01. ග්‍රාමීය කාන්තාවන්ට පහසු ‌වේලාවන්හීදී ‌සේවයේ ‌යෙදීමට ඇති හැකියාව.
             
               02. මෙමගින් ලැබෙන ලාභය ඔවුන් අතරම ‌බෙදී යාම .

               03. සියළුම සාමාජිකයන් නොමිලේ පුහුණු කර ‌‌සේවාගත කිරීම.
   
 දැක්විය හැක.

මෙම කාර්යය  ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ බිසෝපුුර කලාපයේ ‌ෙනේවාසික ව්‍යාාපාර කළමණාකර ‌‌ජේ.පී. ජයතිලක මහතාගේ සංකල්පයකට අනුව නියෝජ්‍ය ‌නේවාසික ව්‍යාපාර කළමණාකාර (සංවර්ධන) ‌ගේ ‌මෙහෙයවීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිරිගිරිය නියෝජිත කැලුම් මහතා හා ව්‍යාපෘති නිළධාරී චමින්ද ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් ‌ ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීම සදහා කළ ‌මෙහෙය ‌මෙසේ සාර්ථක විය.





තොරතුරු සන්නිවේදක,
මහවැලි වියමන
ලලිත් අරුණ ශාන්ත සමග හර්ශණි මදුවන්ති