Thursday, February 15, 2018

               කැප කල මිනිසුනේ...මේ ඔබ වෙනුවෙනි

                                මැදිරිගිරිය මහවැලි ඩී කලාපයේ ගොවි ජනතාවගේ  ආර්ථික,සමාජීය,සංස්කෘතික හා මානසික මට්ටම් ඉහළ නැංවීමේ අරමුණු හා දහසකුත් එකක් බලාපොරොත්තු ඉෂ්ඨ කරදීම සදහා මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා මහවැලි ජලය මැදිරිගිරියේ දුෂ්කරම ගම්මාන හරහා ගලා යන්නට තරම් වූ යෝධ සංවර්ධනයක් දියත් වෙමින් පවතින්නේ මීට වසර 08 කට පමණ පෙර සිටය.
මෙසේ වූ සංවර්ධනය දින,සති,මාස ගණනක් ගෙවමින් බිසෝපුර මංමාවත්,රාජ්‍ය ගොඩනැගිලි හා කැඩී බිදි ගොස් ඇති වැව් ප්‍රතිසංස්කරණය වෙමින් බිසෝපුර ගම්මානය දැවැන්ත සංවර්ධනයක් සිදු වෙමින් පවතී.

මෙම දැවැන්ත සංවර්ධනයේ තවත් ඉදිරි පියවරකි ලෙස මහවැලි ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට සැලසුම් ක්‍රියාත්මක විය.

නව මහවැලි ක්‍රීඩාගනය ඉදි කිරීමට සැලසුම් සකස් 
කර තිබූ භූමියේ වසර 15 ක් පමණ

පදිංචිව සිටි ග්‍රාමීය පවුල් 23 දෙනෙකුගේ 
පමණ නිවාස හා ඉඩම් මෙම ක්‍රීඩංගනය
වෙත ලබා දීමට සිදුවන්නේ 2016 වසර
මුල සිටය. එවන් වූ මොහොතක ක්‍රීඩාංගනය
වෙත ඉඩම් ලබා දුන් ඔවුන් වෙනුවෙන්
යමක් ලියන්නට සිතෙන්නේ නිතැතින්මය.

මහවැලි ක්‍රීඩාංගණයේ වැඩ ආරම්භ වෙමින් දැවැන්ත වූ බර වාහන එහෙ මෙහෙ තල්ලු වෙමින් යද්දි ඔවුන්ගේ සිතට දැනුණු දුක අපමණ බව අප ඉතාමත් හොදින් දනිමු. එහෙත් ඒ විශාල බැකෝ යන්ත්‍ර දෙස ඔවුන්ගේ පැලේ සිට දුවා දරුවන් බලා සිටියේ ඔවුන් එම වාහන ක්‍රියා කරණ ආකාරය දෙස බැලීමට ඇති කැමැත්ත නිසාය.

ඔවුන්ගේ නිවෙස් ද මෙම වාහන තුළින් සමතලා කරන බව දන්නේනම් ඔවුන් ඒ දෙස  නොබලනු ඇත.
ක්‍රීඩාංගණයේ වැඩ ආරම්භ වෙමින් නිවෙස් කඩා ඉවත් කිරීමේදී රාජකාරි මට්ටමින් අප ඔවුන් හා සම්බන්ධ වූයේ,නමුත් එම සිදුවීම අප ජීවිතයේ ලැබූ අපමණ වූ කනගාටුදායක අත්දැකීමක් බව සිතට එකගවම දැනැණේය.ඒ ඔවුන් අපමණ දහඩිය මහන්සියෙන් අපමණ දුකක් දරාගෙන ගොඩනගා ගත් සොදුරු කැදැල්ල එකට ජීවත් වූ නිවෙස් ඔබට රජ මාලිගාවක් බව අපි හොදින්ම දන්නා බැවිනි.ඔවුන්ගේ හදවත් තුළ ඇවිලුණු ගින්දර අපේ සිතේ ද එදා ඇතිවුණු බව ඔවුන් නොදන්නවා ඇති. එවැනි විශාල සංවර්ධන ක්‍රියාවලියක දී මෙවන් කැප කිරීම් කරන ඔවුන්ගේ අනාගතයේ ඒ පිං මහිමයෙන් සැප ලබන්නට තරම් හැකි පිරිසක් වන බව ස්භාව ධර්මයාට අනුව අපට හැගෙනු ඇත.

මහවැලි අධිකාරිය කලාපයේ ඉදිකර තිබූ නව පාසැල් ගෙඩනැගිල්ලේ පවුල් 5 ක් පමණ නවාතැන් ගෙන සිටිද්දී ඔවුන්ගේ සිතේ ඇති වූ දුක සතුට අපේ සිත් වලටද දැනුණේ අප නොදැනුවත්මය. ඔවුන්ගේ කුසගින්න වෙනුවෙන් වියළි සලාකයක් ලබා දීමට හැකි වීම පිළිබදව දැනෙන්නේ කියා ගත නොහැකි අප්‍රමාණ සතුටකි.

නව මහවැලි ක්‍රීඩාංගනය ඉදි කිරීම වෙනුවෙන් අපහසුවෙන් ගොඩනගා ගත් ඔවුන්ගේ නිවෙස් ඉවත් කිරීමට කටයුතු කළේ කිසිදු සතුටකින් නොවේ.එහෙත් අද දවසේ ඔබෙන් ලබාගත් ඉඩම් සියල්ලම වෙනුවෙන් බිසෝපුර - අඹගස්වැව ප්‍රාධාන මාර්ගයට මුහුණ ලා නව ඉඩම් කට්ටි 28 ක් වෙන් කළේ අප හදපිරි අප්‍රමාණ සතුටකිනි. ලබා දුන් අක්කර 1/2 ක ඉඩම් සියල්ලේ කැලෑ කපමින් කාෂ්ඨ වූ අව් රශ්මියේ සිටිමින් ඔබ එම කැලෑ ගිනි තබමින් එළි පෙහෙලි කිරීමට දැරූ වෑයම පිලිබදව ද අප සතුටු වුනෙමු. එසේ සකසා ගත් ඉඩම් කට්ටි බැකෝ,ඩොසර් යන්ත්‍ර වලින් සකසා දීම පිළිබදව ඔවුන් බලා සිටියේද සතුටකින් බව අප දනිමු.
එවන් වූ ඉඩම් වල දිනෙන් දින පැල්පත් ඉදිදේදී ද ඔවුනට වඩා අප සිත්වල අහස් මාළිගා තැනුනේ ඔවුන් වෙනුවෙනි.
දිය සපයන ජල බවුසර් නව පදිංචි නිවෙස් කරා ඉඩමෙන් ඉඩමට එද්දී පිපාසය,විඩාව තියෙද්දී ද සතුටුවූයේ මහවැලි කලාපයක් ලෙස සංවර්ධනය සිදු වන බැවිනි.

නව සංවර්ධන ක්‍රියාදාමයේදී විටෙක ඔවුන්ගේ සිතට දැනුණු දුකට හැඩුවාය,ඔවුන් අප දෙස රවා බැලුවාය,විටෙක අපට බැන්නාය එහෙත් අපගේ සිත් නොරිදුණාය. ඒ අපි ඔවුන් වෙනුවෙන් පිහිටක් විය යුතු නිසාය.ඔවුන්ගේ සිතේ ඇතිවූ දුක,වේදනාව අපගේ සිත්වල කිදා බැස තිබුණු නිසාය.
මෙය මෙතෙකින් නතර වී නොමැත. ඔවුන් වෙනුවෙන් විවිධ ස්වයං රැකියා ව්‍යාපෘති,ගෙවතු ඉඩමට අවශ්‍ය නීත්‍යානුකූල අවසර පත්‍රයත්,ඉන් ඉදිරියට ආර්ථිකය නංවන්නට වාරි ඉඩම් කොටසක් ලබා දීමට තරම් විශාල කටයුතු ඉදිරියේදී තව තවත් අපි සිදු කරන්නෙමු.

ඔවුන්ගේ නව පදිංචි ඉඩමට අවසර පත්‍ර ලියවෙනු දැක අප ඔවුන්ටත් වඩා සතුටු වූයෙමු. ඔබගේ ඉඩමට වාරි ඉඩම් අක්කර 1 1/2 ක් ලබා දීමට සැලසුම් පත් සකස් වෙමින් තිබීමද අපමණ සතුටකි. කෙසේ නමුදු ඔවුන් වෙනුවෙන් මහවැලි නිළධාරින් ලෙස අප නිතරම ඔවුන් පසු පසින් ඉන්නා බව අපි දනිමු.

ලිපිය :- ජේ.ආර්.ඩී ප්‍රියධර්ශනී
             ඒකක කළමණාකාර
              කො.ක.ක බිසෝපුර







ඩී.එම්.ඒ.එස් දසනායක 
සංනිවේදක
මහවැලි වියමන